(උපුටාගැනීම "හර්ෂණ ප්‍රසාද්ගේ" ලිපියකිනි..........)
විද්‍යාව
යනු සිත් පිත් ඇති මිනිසුන්ගේ
නිර්මාණයක් බව අපි දනිමු. ලෝකයේ
අත්තේ එකම විද්‍යාවක්ද
නොවන බවද අපි දනිමු. ලෝකයේ
නොයෙකුත් කාලවල නොයෙකුත්
සංස්කෘතිවල හා
චින්තනයන් තල සිටි විවිධාකාර
මිනිසුන් අතින් නොයෙකුත්
දේ(දැණුම) නිර්මාණයවී
ඇති බවට ද විවාදයක් නැත. අපි
පාසල්වල හෝ විශ්වවිද්‍යාලවල
ඉගැනගන්නේ හෝ
ඉගැන්වෙන්නේ මිට ශතවර්ෂ පහක්
හෝ හයකට කලින් බටහිර චින්තන
විප්ලවයක ප්‍රථිපලයක්
ලෙස ගොඩ නැගුණු නුතන විද්‍යාවකි.
මේ විද්‍යාවේ
මුලික වශයෙන් තිබුණේ
යථාර්තවාදී බවකි. සංස්ලේෂණයට
වඩා විශ්ලේෂණයත්,
ප්‍රත්‍යක්ෂන්
වශයෙන් සුවසිද්ධීන්ද
යොදාගැනිනි. එය
ඊනියා පර්යේෂණ ක්‍රමයකට අනුව
විස්තර කෙරුණි. මෙම
විද්‍යාව අපි සම්භාව්‍ය(classical)
විද්‍යාව
ලෙස සම්මුතියෙන් ගනිමු.මෙම
විද්‍යාව තුලින් ලබාගත්
තාක්ෂණයේ නාමයෙන් ලෝකයේ ඊනියා
මාහැගි සංවර්ධනයක්
ලබාගත්තේ . නමුත්
මේ ක්‍රියාවලිය ස්ථිර නොවන
බව අපි දනිමු. විසිවන
ශතවර්ෂයේ ආරම්භයත් සමග සම්භාව්‍ය
(භෞතික)විද්‍යාවට
කණ කොකා හඩලන්නට විය.
නිතර නිතර
පර්යේෂකයන් අතින් වන සිදුවන්
සොයාගැනීම් අතර සම්භාව්‍ය
(භෞතික)විද්‍යාවට
හදුනාගත නොහැකි නිරීක්ෂණ
සටහන්විය.සැබවින්ම
මෙය බොහෝ දෙනතුල
විද්‍යාව කෙරෙහි පුකුසක්
ඇතිකරවන්නක් විය.කෙසේ
වූවත් මේ නිරීක්ෂණ තව දුරටත්
මේ පවතින විද්‍යාවෙන් පැහැදිලි
කර නොහැක්කක් බවට පත විය.එවිට
ඉතිරිව තිබුණේ එකම
එක විසදුමකි. ඒ
සුසමාදර්ශී(paradigmatic) වෙනසක් හා එයම
පමණකි. මේ
නිසා මෙසේ වීමට හේතුව හා මේ ගැන දළ හෝ අවබෝධයක් ලබා ගැනීම
ඉතාමත් ප්‍රයෝජනවත්
වියහැකිය.
ප්‍රකාශ-විද්‍යුත් ආචරණය ගැන මිට පෙර ඇසු අය අපි අතර සිටිය හැකවාට සැක නැත.නමුත් ඔබ එහි එන නිරීක්ෂණ සම්භාව්‍ය ක්‍රමයෙන් නිසි ආකරෙයෙන් පැහැදිලි කල නොහැකි බව දැන සිටියේද? ප්‍රකාශ-විද්‍යුත් ආචරණය යනු ලෝහයක් පෘෂ්ඨයේ ඇති ඉලෙක්ට්‍රොන ආලෝක වැනි තරංගයකට නිරාවරණයවු විට එමගින් ලබාගත් ශක්‌තියෙන් ඉලෙක්ට්‍රොන පෘෂ්ඨයෙන් පිටතට පැමිණීමය. පිටවන ඉලෙක්ට්‍රොනවල ප්‍රවේගය පෘෂ්ඨයමත පතිතවූ එකවර්ණ ආලෝකයේ තීව්‍රතාවමත රදා නොපවතින බවත්, ආලෝකයේ තරංග ආයාමය(හෝ සංඛ්‍යාතය) මත පමණක් රදාපවතින බව පරීක්ෂණාත්මකව නිගමනය කෙරිණි. එපමණක් නොව යම් තරංග අයාමයකට ඉහළ දී කිසිදූ ආචරණයක් සිදුනොවන බවද පර්යේෂණාත්මකව තහවුරුවී තිබීම තවත් ගැටළුවක් වී තිබුණි. කෙසේ හෝ මෙම නිරීක්ෂණ දුටු ප්ලාන්ක් 1902 දී විකිරණයට සහභාගිවන වස්තුන්ගේ(කෘෂ්ණ වස්තුන්ගේ) පෘෂ්ඨ වලින් පිටවන විකිරණ ශක්තිය විවික්ත ශක්ති ගුලිමෙන් නිදහස් වන බව නිගමනය කරේය. මෙම ගුලි හදුන්වනු ලැබුවේ ක්වොන්ටම්(quantum) ලෙසය. එපමණක් නොව ක්වොන්ටම් එකක ශක්තිය hf(ප්ලාන්ක් නියතය x විකිරණයේ සංඛ්‍යාතය)ට සමාන බවත් ඔහු පෙන්වා දුන්නේය.මිට සමකාලීනව විසු අයින්ස්ටයින් මෙම මතය තව දුරටත් වර්ධනය කරමින් ආලෝකය අංශුන්ගෙන් සමනවිත් බවත් ආලෝක කදම්බයේ ඒකක වර්ගඵලයක් තුලින් ඒකක කාලයක් තුලින් ගමන් කරන මෙම අංශුන්ගේ සංඛ්‍යාව කදම්බයේ තීව්‍රතාව සමානුපාතික බව හා කදම්භයේ ශක්තිය සංඛ්‍යාතය මත පමණක් රදාපවතින බව කියා සිටියේය.මෙම අංශුන් හෙතෙම ෆ්ටෝන(photon) ලෙස හදුන්වා දුන්නේය.ඒසදහා ඔහුට නොබෙල් ත්‍යාගයද ලැබිම තුලින් එහි ඇත වැදගත් කම පැහැදිලිවේ.
මෙසේ ඉහත විස්තර කෙරුනේ පැවතුන සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ගොඩනගන ලද අලුත්ම අදහස් පෙළකි. එනිසා මෙය සුසමාදර්ශීය වෙනසක්(paradigm shift) ලෙස ගැනීම .නිවැරදියි සිතමි. මේවා සම්භවය භෞතිකයට සපුරා වෙනස් වූවත් එමගි පැනනැගුනු ගැටළු මැනවින් විස්තර කල හැකිවිය. එහිදී ශක්ති ගුලි වෙනුවෙන් යෙදු නාමයවූ ක්වොන්ටම් යන්න යොදාගනිමින් මෙම සමස්ත කතන්දරයටම ක්වොන්ටම් යාන්ත්‍රිකය යන නම යෙදුනි.එසේ ක්වොන්ටම් යාන්ත්‍රිකයේ පදනම නිර්මාණය විය.

No comments:
Post a Comment