Pages

Saturday, July 12, 2014

Political view of Religious clashes in Sri Lanka

Since the last couple of years, you may have seen an improvement of religious clashes in Srilanka. This religious clashes, not an individual scenario. This is the result of a series of social, political and ethical issues. As we know politicians (including Sinhala, Tamil and Muslim) doesn’t respect the general laws.  The government didnt take any action to prevent this. All the rule and regulations reformed according to their political agenda. They have been breaking the independence and authority of the Supreme Court. This is should be the main issue. Does not sow soya and expect gingerly. We get what we sow. The government, instead of preventing religious clashes, used them to its advantage. The government was behind extremist groups (BB Sena & Jihad). These extremist groups had government’s assistance so that the police or security forces could not control them. At present, there is an anti-government emotion developing in society due to serious issues. In the midst of all this, the government is taking steps to hold elections. Religious clashes are purposely created to get its vote base increased. The government is prepared to hide people’s issues to protect its power. Civil society should aware of this situation. They should improve the national peace & harmony. People should understand the actual situation and spread-out the brotherhood for all religious. All Sri Lankans must understand the Buddhist society is the better place to live all minorities.

"In Russia live Russians. Any minority, from anywhere, if it wants to live in Russia, to work and eat in Russia, should speak Russian, and should respect the Russian laws. If they prefer Shari ‘a Law, then we advise them to go to those places where that's the state law. Russia does not need minorities. Minorities need Russia, and we will not grant them special privileges, or try to change our laws to fit their desires, no matter how loud they yell 'discrimination'."
On February 4th, 2013, Vladimir Putin, the Russian president, addressed the Duma,

Tuesday, July 31, 2012

ඉන්ග්‍රීසිය ජයගැනීම්දී ඇති අභියෝග....

(උපුටාගැනීම "ලලීන් කවින්ද පල්ලෙගොඩගේ" ලිපියකිනි..........)
මෙම ලිපිය හරහා සාකච්චාවට බඳුන් වන කරුණු ඕනෑම භාෂාවක් උදෙසා සත්‍ය වන බව මාගේ වැටහීම වුවත් මෙහිදී ප්‍රධාන ප්‍රස්තුථය ඉන්ග්‍රීසි භාෂාව බැව් කරුනාවෙන් සලකන්න. පොදුවේ ශ්‍රී ලාන්කීය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස  ඉන්ග්රීසි ප්‍රශ්නය හැදින්විය හැක. දෙවන බස ලෙස ශිෂ්‍ය ප්‍රජාව, වෙසෙසින්ම සින්හල බොදු ශිෂ්‍ය ප්‍රජාව ඉන්ග්රීසි භාෂාව මැනවින් හැදෑරිය යුතුය යන්නද සාකච්චාවට බඳුන් කිරීමේදී එය ඉතා සියුම්ව සිත බලා තෙරුම් ගතයුත්තක් බව මාගේ හැගීමයි. ඉන්ග්රීසිය වූ කලී අපේ දෙයක් නොවේ. එය බ්‍රිතාන්‍යන් විසින් අපට දුන් දෙයකි. එලෙස භාෂාවක් රටක ඉතුරු කර යෑම හොඳ මෙන්ම නරක සහිත ප්‍රතිඵල ගෙනදීමට හේතුවූ කරුනක් වුවද ගැන කතා කිරීම පසුවට තබමු. ශ්‍රී ලන්කාව තුල භාෂාවක් වශයෙන් ඉන්ග්රීසියෙ භූමිකාව වසර 200ක් පමන වූ අතීතයට දිවයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කොළනියක්ව ලන්කාව පැවති සමයේ පාලක පැන්තියට අයත්වූ සුද්දන් හා එක්ව වැඩ කිරීමේ අවස්තාවක් ඇතම් සින්හලයන්ට හිමිවිය. මෙය සින්හල බොදු සමාජය තුලට ඉන්ග්රීසිය කාන්දු වීමේ ආරම්බය ලෙස මම දකිමි. අනුව අපට ඉන්ග්රීසිය හුරු කිරීමට මුල්ගල් තැබූවන් එකල පාලක ව්‍යුහයේ කොටසක් හිටි රටේ රාලලා, ආරච්චිලා විය යුතුය. (එම කිසිඳු පුද්ගල්යෙකුගෙ ක්‍රියාකළාපය  හේලා දැකීම මෙම ලිපියේ අරමුන නොවන බව කාරුනිකව සලකන්න )

මුල් අවදියේ හුදු ග්‍රාමයකට ඉන්ග්රීසිය කෙළ පැමිනියෙක් වීනම් එක්කෙන්ක් හෝ දෙදෙනෙකි. යන්තමින් හෝ බ්‍රිතාන්‍යන් සමග ගනුදෙනු කිරීමෙදී එය ඉතාමත් අභිමනකින් යුතුව බාවිතයේ යොදවන්නට අතලොස්සක් දෙනා එදා සමත් වීය. මින් ගම්‍ය වන්නේ වන විටත් භාෂාවක් ලෙස ඉන්ග්රීසිය සමාජ ගතව නොතිබුන වගයි. මෙලෙස බ්‍රිතාන්‍යන්යන් මෙරටට පැමින කාලයක් ගත්විය. 1796 දී ලන්කාවට ගොඩබට බ්‍රිතාන්‍යන්යන් 1830 වනතුරුත් ඉන්ග්රීසිය සමාජ ගත කිරීමෙහිලා විශෙෂයෙන් කල යමක් නොවීය. ඔවුන් ලාන්කීයා සමාජය තුල (එකල සිලෝන්) පෙරලිකාර වෙනසක් ඇති කරනුයේ මිෂනාරී පාසල් ක්‍රමය හදුන්වා දීමෙනි.
මා දන්නා තරමින් ප්‍රථම මිෂ්නාරි පාසල ලෙස 1835 දී කොලඹ රාජකීය විද්යාලය ස්ථාපනය කරන්නෙ අනුවය. මිශනාරී පාසල් ලන්කාවේ ස්ථාපනය කිරීමට හේතුව හුදු බටහිර දැනුම (විද්යාව , ගණිතය, බටහිර සන්ගීතය සහ භාෂාව ) ලන්කාවේ සමාජගත කිරීම පමනක් නොවේ. පාසැල් බිහිවීමට ප්‍රථමයෙන් සින්හලයා දැනුම ලබාගත්තේ පිරිවෙන් අධ්‍යාපනයෙනි. එනම් පන්සල කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රම වේදයයි. පන්සල වටා ජනතාව තදින් ඇඳ බැඳ තබා ගැනීමට මෙම පිරිවෙන් අධ්‍යාපන හේතු වන බව බ්‍රිතාන්‍යන්යන් වන විට මනාව වටහා ගෙන සිටියෝය. අනුව මිශ්නාරී පාසැල වූ කලී ගම පන්සල එකට යාකල පිරිවෙන නැමැති යධමේ පුරුක් බිඳ හෙලීමට භාවිතා කල උපාය මාර්ගික හඳුන්වා දීමක් පමනි.
මේ අනුව ක්‍රම ක්‍රමයෙන් බටහිර දැනුම, භාෂාව, බටහිර  ගණිතය, බටහිර විද්යාව, බටහිර සාහිත්යය සහ බටහිර සන්ගීතය සහ නාට් කළාව පවා ලාන්කීය සමාජය තුල ඉතාමත් ක්‍රමාණුකූලව සමාජගත කිරීමේ ක්‍රියාවළිය ඇරඹේ. පාසැල් ක්‍රම ඇරඹීමත් සමඟම ඉන්ග්රීසි උගත්, ඉන්ග්රීසි බස හැසිරවිය හැකි මධ්‍යම පාන්තිකයින් පිරිසක් අප රට තුල බිහිවේ. මේ පිරිසට අවැසි පිලිගැනීම බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලබා දෙන්නේ ඔවුන් සිවිල් සේවකයන් ලෙස තම ආණ්ඩුවට බඳවා ගැනීමෙනි. මේ වන විට භාෂාවක් ලෙස ඉන්ග්රීසියේ වැදගත්කම සමාජගත වීම ඇරඹී තිබින.  මේ අතර දහනව වන සියවස කෙලවර වී විසිවන සියවස එලඹේ..
මේ අවදිය වනවිට ලාන්කීය නාගරික පිරිසෙන් ඉතාම අඩු පිරිසක් වුවද සැලකිය යුතු පිරිසක් ඉන්ග්රීසිය මනාව හසුරවමින් තම ජීවනකටයුතු මෙන්ම රැකියා කටයුතු කරගෙන යන ලදි. එකල ලන්දෙසින් ගෙන් පැවත ලන්සි ජන කොට්ඨාශයද මෙලෙස ඉන්ග්රීසි ආන්ඩුවේ සිවිල් තනතුරු දරමින්, ඉන්ග්රීසි බස මනා ලෙස හසුරුවමින් සමාජීය වශයෙන් වැදගත් භූමිකාවක් රඟ දකවා ඇත. මේ වන විටත් සිලෝන් හි සරසවියක් පිහිටවා නොතිබුනු අතර කොලඹ උසස් පවුල් වල ළමුන් වැඩිදුර අධ්‍යාපන සඳහා එන්ගලත්යේ කේම්බ්රිජ්, ඔක්ස්ෆෝර්ඩ් වැනි විශ්වවිද්යාල සඳහා පිටත් කිරීම සිදු විය.
මෙලෙස විදේශයන්ගේ අධ්‍යාපන ලබා මෙරටට පැමිණි පුද්ගලයන් මෙරට දේශපාලන සහ සන්ස්කෘතික වශයෙන් වැදගත්වූ භූමිකාවන්හි නිරත වීමම එක්තරා විදියක ඉන්ග්රීසිය ව්‍යාප්ත වීමට සැපයුනු අනුබලයකැයි මට සිතේ. S.W.R.D. බණ්ඩාරණායක, කොල්වින්. ආර්. සිල්වා සහ පිලිප් ගුණවර්ධන ඉන් කිහිප දෙනෙකි.
භාෂාව වැහැරීමේදී හමුවන අභියෝග යන්නෙන් ලිපිය ඇරඹූ මම දැන් මේ ලියමින් සිටින්නේ කුමන වැල් බයිලාද යන්න ඔබ ප්‍රශ්න කරන බැව් මම දනිමි. නමුත් මා ප්‍රිය මිත්‍රය, මාහට පෙන්වා දීමට අවශ්‍යය වන්නෙ ඉන්ග්රීසිය වූ කලී තනිව ඕපාපාතිකව ඉපදුනක් නොවන වගයි. ඕනෑම භාෂාවක් බිහි වන්නේ යම් සන්ස්කෘතියක් මත පදනම්වය. ඉන්ග්රීසියේද අතීතය ග්රීක ලතින් මව් භාශාවන් අසුරෙන් යුදෙව් සහ ක්රිස්තියානි සන්ස්කෘතින් මත පදනම් බිහිවී ඇත. බැවින් භාෂාව ඉගෙනීමේදී සාර්ථක හැදෑරීමක් උදේසා එය නිර්මාණය වූ සමාජීය සහ සන්ස්කෘතික වට පිටාව ගැන නිසි අවබෝධයක් තිබිය යුතුමය යන්න මාගේ හැගීමයි. මා මේ කතා කල සහ මින් ඉදිරියට කතා කරන සියල්ල එකිනෙකට ඉතා පැහදිලිව බැඳී පවතී.
ලන්කාව තුල විශ්වවිද්‍යාල බිහිවීමත් සමඟම බටහිර දැනුම සමාජගත කිරීමේ වැඩපිලිවෙළ තව තවත් ශක්තිමත් වේ. බටහිර නාට්‍යය කාලාව , බටහිර සන්ගීතය මෙන්ම බටහිර සාහිත්‍යය කළාවද අපගෙ සමාජය වැළද ගනී. මේ කාලය වන විට නාගරික සින්හල බොදු සාමන් ජනයාද ඉන්ග්රීසි දැනුම ලබා දීම උදෙසා ළමුන් මිශ්නාරි පාසල්වල්ට ඇතුල් කිරීමට පෙළඹී තිබින. එම පාසල් වල බටහිර සාහිත්‍යය මෙන්ම අනෙක් සියලු විෂයන් මනාව උගැන්වින. කාලයේ බිහිවූ සාහිත්‍යයකරුවන් මෙන්ම විද්වතුන් ලෙස සැලකෙන මාර්ටින් වික්රමසින්හ සහ ඩබ්.. සිල්වා වැනි පඬිවරුන්ගේ කෘතිවල පවා උරුව සහ අනුකාරකත්වය ගැබ්ව තිබූ බව පෙනෙන්නට තිබේ. වෙසෙසින්ම විශ්ව සාහිත්‍යය පිවිසීමේදී තිබූ බාධක ඉවත්ලීමේ අවිය ලෙසද ඉන්ග්රීසිය එකල වේගයෙන් සමාජගතවිය.
මේ සාහිත්‍යය කලාව මෙන්ම නාට්‍යය කළාවද 1960 දශකය වනතුරුත් සමාජ ආකල්පමය ප්‍රවාහයට යම් අනුබලයක් ලබා දුන්නේ නම් ඉතා අල්පවශයෙනි. නො   ඒසේනම් එවායින් බලපෑමක් සිදුවුනේ  නාගරික උගත් ජනතාවට පමණි. ඉන්ග්රීසි අධ්‍යාපන ක්‍රමය ගමට ගෙන ඒමේ මූලික කර්තව්‍ය කන්නන්ගර මැතිඳුන් අතින් සිදුවන අතර 70 දශකයේ සිට 90 දශකය දක්වාම මධ්‍ය මහා විද්‍යාල හරහා ඉන්ග්රීසි භාෂාව ඉගැන්වීම සිදුවේ. අනුව අදටත් ඉන්ග්රීසි භාෂාව දෙවන භාෂාව ලෙස බොහෝ පාසල් වල ඉගැන්වේ.
මෙතෙක් අප සාකච්චා කලේ ඉන්ග්රීසිය අප සතුවූ අයුරු සහ එයා අපවෙත ගෙන ඒමේදී ඊට සමගාමීව සමාජයේ සිදුවූ අනෙකුත් වෙනස් වීම්, එනම් සන්ස්කෘතික සහ සමාජෙය විපර්යාසයන්ය.
අප දැන් වර්තමානයේ තත්වයන් පිරික්සීමකට ලක්කල හොත් ඔබට දැකීමට හැකිවන්නේ එදාට වඩා තරඟ කාරී ශිෂ්‍ය ප්‍රජාවකි. දියුණු තාක්ෂණික උපකරණ සහ දියුණු යයි සම්මත ඉගැන්වීම් රටාය.  නගරයක් නගරයක් පාසා පුද්ගලික උපකාරක පන්ති ඉන්ග්රීසි භාශාව සඳහා පැවත්වේ. එහෙත් එදා 1940-1950 දශක වල විසූ සිවිල් සේවයේ යෙදුනු ඉතා කෙටි කලකින් ඉන්ග්රීසිය හදාරා ඉතාමත් ව්යක්ත ලෙස ඉන්ග්රීසිය හැසිරවූ පිරිස මෙන් නොව, එදාට වඩා දහසකුත් එකක් පහසුකම් යටතේ වුවද අද සමාජයේ අනේකවිද ක්රමවේදයන්ගෙන් ඉන්ග්රීසි බස හදාරන බොහෝ පිරිසට නිවැරදිව බස හැසිරවිය නොහැක. ඇතම් සිසුන් දෙවන ශ්රේණියේ සිට ඉන්ග්රීසිය හදාරයි. එනමුත් භාශණයේදී ඉමහත් දුර්වලතා දක්වයි.
එදා මධ්යම පාන්තිකයින් ඉතා පහසුවෙන් ග්රහනය කරගත් බස අද එයට වඩා දියුණු සමයක අපට ග්රහණය නොවීමට හේතු මොනවාද?? මෙහිදී අප වටහා ගත යුත්තේ මෙයයි. එනම් ඉන්ග්රීසියද භාශාවක් යන්නයි. මා මුලින් සඳහන් කල පරිදිම භාෂාවක් පවතින්නේ යම් සන්ස්කෘතියක් සමගයි. එනම් අදාල සන්කෘතියට අනුගතවීමක් සිදු නොකර කරන්නනවූ භාෂාමය හැදැරීම ඵල රහිත වන බවයි. එදා 40, 50 දශකයන්හි සිවිල් සේවයේ යෙදුනන්ට ඉන්ග්රීසිය ග්‍රහණය කරගැනීමේ යම් පහසුවක් වී නම් එදා ඔවුන් භාෂාව උගත්තේ සමස්ත ක්‍රිස්තියානි සන්ස්කෘතිය වැලඳ ගන්නා ගමන් වීමයි. ඇතම් විට ඔවුන් බොදු පිරිස වූවා විය හැක. එහෙත් ක්රිතියානි සන්කෘතියේ ඔවුන් ජීවත් වීය.
ඔවුන් ආහාර පාන ලබාගෙත්තේ බටහිරයන් අණුකරනය කරමිනි. ඔවුන් පුවත්පත් බැලුවේනම් ඉන්ග්රීසි පුවත්පතකි. ඔවුන් අසුරුකල සහිත් බටහිර සාහිත්යයි. ඔවුන් අසුරු කල නාට් කළාවක් වී නම් එය ශේක්ස්පියර් ගුරු කොටගත් නාට් කළාවකි. සිවිල් සේවයේ යෙදීමෙදී ඔවුන් කතා කලේ ඉන්ග්රීසියෙනි. ගෙදරදීද එසේමය. අන්විදියකින් පවසන්නේ නම් මෙවැනි පවුල් සින්හල බොදු වුවත් තනිකරම ක්රිස්තියානි සහ කතෝලික සන්ස්කෘතීන් වැළඳගෙන දිවි ගෙවූවන් වීය. එදා එසේ කිරීමට ඔවුන්ට සාදාරණ හේතුවීය. මක්නිසාදයත් ඔවුන් එදා සේවය කලේ රාජ් භාශව ඉන්ග්රීසිය වූ රැජිනගේ ආණ්ඩුව යටතේය.
තවදුරටත් පැහැදිලි කරන්නේ නම්ඔවුන් ජීවත් වූයේ  සින්හලයාට, සින්හලකමට අනේක වූ නින්දා, අපහාස හිමිවූ සමාජීය පරිසරයක් යටතේය. ඉතින් යම්දුරකට උගත් රැකියා ලාභී සමාජ කොටසක් වූයේද ඔවුන්ගේ අභිප්රාය වූයේ සුද්දන්ට නොදෙවෙනි වන ලෙසින් ඔවුන් අනුකරණය කිරීම තුලින් එම ඉහත කී නින්දා අවලාද වලින් නිදහස් වීමයි. මෙයට ඔවුහු පොළඹවනු ලැබූයේ සින්හල වී ඉපදීම සහ සින්හල සිරිත් විරිත් එදා ඔවුන් තුල ඇතිකල හීන මානයයි . එබැවින් සියලු ගැටලු වලට පිලිතුරු සෙවීමට යාමේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවූයේ ඔවුන් හදවතින්ම බටහිර සන්ස්කෘතිය වැළඳ ගැනීම සහ ඊට අනුගත වීමයි.
එය එසේ වන විට ගමේ පාසලට ගොස් හවසට ඉන්ග්රීසි උපකාරක පන්තියට ගිය ළමයා ගනිමු. මොහු ජීවත් වන්නෙ සින්හල කතා කෙරෙන වට පිටාවකය. අඳින්නෙ ගවුම කලිසම විය හැක. එහෙත් අඳින ඇදුම සහ ප්රමානාත්මකව ලබන බටහිර දැනුම ඇරුනු කොට එම ළමයා වෙනත් කිසිඳු ලෙසකින් බටහිර ක්රිස්තියානි චින්තනයට රිජුව අනුගත නොවෙයි. එම ලමයා බටහිර සාහිත් අසුරු නොකරයි. බටහිර ආරට කෑම බීම සිදු කරන්නේ නැත. (මෙහිදී බටහිර කෑම බීම ලබා ගැනීම පමනක් නොවේ,ආහාර භාවිතයෙ බටහිර විදික්රම සහ පිලිවෙත්ද ඇතුලත්ය )
මෙහිදී ඔබට පැනනගින ගැටලුව වන්නෙ අද ලන්කාවේ හරියට ඉන්ග්රීසිය හැසිරවිය නොහැකි පුද්ගලයන් කොපමණ ප්රමානයක් නාගරිකත්වයට හුරුවී බටහිරයන් මෙන් ක්රියාකරනවා ඇත්ද යන්නයි. එය සත්යකි. එහෙත් කිසිවකුත් එදා සිටි සිවිල් සේවකයන්මෙන් ප්රභල වශයෙන් බටහිර ක්රිස්තියනි සන්ස්කෘතිය වැළඳ ගත්ත්වෞන් නොවේ. අද ඔබ මම ඇතුළු බොහෝදෙනා මෙම සන්ස්කෘති දෙක අතර මැද මාවතක ගමන් කරමු.  එලෙස සිදුවී ඇත්තේ අපට රැවුලත් කැඳත් දෙකම ඕනෑ වී ඇති නිසාවෙනි. අපට නාමිකව හෝ අපගෙ සින්හල බොදු සන්ස්කෘතියේ රැදී සිටීමට උවමනා වෙයි. අතරම බටහිර සන්ස්කෘතිය ඇසුරුකොට අවශ් භාෂාමය පරිචය සහ යම විදියක අනුකරකත්වයකුත් හරහා බටහිර ලොකයේ පිලිගැනීමකුත් අවශ් වේ.
එය අසීරු වන්නේ කෙනෙකුට ජීවත් විය හැකිවන්නෙ එක සන්ස්කෘතියක් තුල බැවිනි. සන්කෘතීන් දෙකක ලක්ෂන සහිතව ජීවත් වීමට කෙනෙකුට අපහසුය. යම්කෙනෙකු එලෙස ජීවත් වන්නේනම් එම සන්ස්කෘතීන් දෙකෙන් ඔහු වැඩිවශයෙන් ප්රියකරන්නක් වෙයි. එය දෙසට ඔහු ක්රම ක්රමයෙන් ලඟා වෙයි. අප ලන්කාවේ බොහො පිරිසෙන් මෙලෙස බටහිර සන්ස්කෘතිය දෙසට ඇදෙන පිරිසට යම් සීමාවක් පවතී. ඇතම් විට සීමාව ඔහුට ඉන්ග්රීසිය ඉගෙනීමෙදි අවශ් පිටුබලය ලබාදීමට තරම් නොවිය හැක. ඇතම් විට එය සෑහිය හැක.  කෙනෙකුට මා මේ පවසනා තරම් බටහිර ක්රිස්තියානි චින්තනයට නතු නොවී ඉන්ග්රීසිය යම්සීමාවකට හැදෑරිය හැක. නමුත් මාගෙ තර්කය වන්නේ ඉන් එහාට ගොස් නියම සුපිරිසිඳු ව්යක්ත ඉන්ග්රීසියෙන් කතා කිරීමට අවැසි නම් සඳහා සන්ස්කෘතිකමය වශයෙන්ද ගනුදෙනුවක් සිදුකල යුතු බවයි.
මා මාගේ ජීවිතෙයේ ඉතාමත් ව්යක්ත මෙන්ම අලන්කාර අයුරින් බ්රිතාන්ය් උච්චාරණය සහිතව ඉන්ග්රීසිය හසුරවන ලාන්කීයන් දෙදෙනකු දැක ඇත්තෙමි. කෙනෙකු දිවන්ගත අග්රමාත් S.W.R.D. බණ්ඩාරණායකයන්ය.  අනිකා හිටපු ටෙස්ට් ක්රිකට් නායක කුමර් සන්ගක්කාරයන්ය. බණ්ඩාරණායකයන් බී.බී.සී යට ලබාදුන් සාකච්චාවකද සන්ගක්කාරයන් MCC හිදී සිදුකල ඓතිහසික කතාවේදීද බැව් මොනවට පැහැදිලි වේ. ඔවුන්ගෙ භාෂාලීලාව සැබවින්ම සුන්දරය, කන්කළුය. එහෙත් ඔවුන් දෙදෙනාම තදින්ම බටහිර චින්තනය වැළඳ ගත්තවුන් වෙයි.
භාෂාව කුමක් වුවද භාෂාවකට ආදරය කිරීම යහපත් දෙයකි. එහෙත් ගැටලුව ඇති වන්නේ ඔබ ව්යක්ත ලෙස එම භාශාව හැසිරවීමේ අරමුණින් තදින්ම එම බස ග්රහණ කරගැනීමට යාමේදී අවින්යාණිකවම ඔබ යන්තමින් හෝ එම සන්ස්කෘතිය වැළඳ ගැනීමයි. එහි සීමා මායිම් අපට තීරණය කල නොහැක. ඊනියා 'පොෂ්' සමාජය සන්කර වන්නේ එබැවිනි. ඔවුන් සීම මායිම් අතික්රමණය කර ඇත. එම බටහිර සන්ස්කෘතියට නතු වූවන් එලෙස සන්කරවන්නේ අධිපරිභෝජනවාදය, ඉඳුරන් පිනවීම ඔවුන්ගෙ සන්ස්කෘතිය තුල මූලික කරුනු වන බැවිනි.
අනුව කිසියම් පුද්ගලයකුට ඉන්ග්රීසිය හැදැරීම අපහසුවන්නේ නම් එලෙස අපහසු වන්නේ එය තනිව භාශාවක් ලෙස පමනක් ගෙන ග්රහනය කරගැනීමට යාමේදීය. එය සන්කෘතියක් මත පදනම්ව ඇති වූවක් බැව් තේරුම් ගෙන එම සන්ස්කෘතියෙහි ගති ලක්ෂණ සමඟ ලබාගත්තේනම් එය ඉතා පහසු කටයුත්තක් වනු ඇත. එහෙත් මෙහිදී මතුවන අභියෝගය සන්ස්කෘතික නතු වීමට අප පනවා ගත්තයුතු සීමාමායිම්ය. එය තම්න්ට සුදුසුයැයි සිතෙන අයුරින් සිදුකල යුත්තක් වෙයි. කුමක් වුවත් වැඩි දුර ඉන්ග්රීසිය ප්රගුණ කිරීමෙදි එම සන්ස්කෘතියට අප අවශෝෂණය වීමේ ඉඩකඩ වැඩිය. කුඩා සින්හල ළමයකුට ඉන්ග්රීසි උගැන්මේ පහසුව තකා ප්රථම භාෂාව ලෙස ඉන්ග්රීසිය ඉගැන්වීම සිදුනොකල යුත්තේ බැවිනි.
සන්වාදයට විවෘත බව කාරුණිකව සලකන්න.
...